කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්- හෙට රාත්‍රී 11.30 දක්වා බලාත්මක වන පරිදි අකුණු අනතුරු ඇඟවීම්

Report

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා දැඩි අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (27) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (28) රාත්‍රී 11.30 දක්වා බලාත්මකව පවතී.

අදාළ නිවේදනයට අනුව, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක දැඩි අකුණු සහිත ගිගුරුම් වැසි ඇති වීමේ අවදානමක් පවතී.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව එම ප්‍රදේශවලට සීමා වූ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

Gallery