කළු ගඟ ද්රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරෙයි
කළු ගඟ ද්රෝණියට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. '
ඒ අනුව, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන්ම කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව යාවත්කාලීන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්රදේශවල පදිංචි මහජනතාව මෙන්ම එම ප්රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා රථවාහන රියදුරන් ද දැඩි සැලකිල්ලෙන් සහ පූර්ව සූදානමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.