පළාත් සභා ඡන්දය ගැන තීරණයක් ගනීවිද? - දේශපාලන පක්ෂවලින් යෝජනා විමසයි

Report

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පියවර ගෙන තිබේ.

එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් විමසා ඇත.

එහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවට පැවරී ඇති වගකීමකි.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් ද සහභාගී වී තිබේ.

දරුවන්ව මේ වැරදි වැඩවලට යොදාගත්තොත් වැඩ වරදියි - ළමුන්ගේ ආරක්ෂාවට සමාජ මාධ්‍යයටත් නව නීති

දරුවන්ව මේ වැරදි වැඩවලට යොදාගත්තොත් වැඩ වරදියි - ළමුන්ගේ ආරක්ෂාවට සමාජ මාධ්‍යයටත් නව නීති

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සහ තුවාල වූ නිලධාරීන්ට මිලියන ගණනින් විශේෂ වන්දි! කැබිනට් මණ්ඩලයෙන් හදිසි තීරණයක්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සහ තුවාල වූ නිලධාරීන්ට මිලියන ගණනින් විශේෂ වන්දි! කැබිනට් මණ්ඩලයෙන් හදිසි තීරණයක්