වනඅලි ගැන තවත් සංවේදී පුවතක් - අනාරක්ෂිත විදුලි රැහැනක් අලි දෙදෙනකුට මරු කැඳවයි

Report

අනුරාධපුරයේ රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්ගම කැන්දෑව ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනකට හසුවීමෙන් වනඅලි දෙදෙනකු මියගොස් තිබේ.

වගා භූමියක් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම වනඅලි දෙදෙනා මියයන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර අඩවි වනජීවී කාර්යාලයේ බලප්‍රදේශයට අයත් ප්‍රදේශයකය.

මියගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් යොදවා තිබේ.

සිද්ධියට අදාළව වගා භූමියේ හිමිකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය සහ වනජීවී කාර්යාලය එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි - පහළ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි - පහළ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඔර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් තවත් දරුණු තත්ත්වයක් - ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 25ක් පමණ මහ මුහුද මැද

ඔර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් තවත් දරුණු තත්ත්වයක් - ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 25ක් පමණ මහ මුහුද මැද