පුරාවිද්‍යා උපදේශක කමිටුවකට අති විශේෂ ගැසට් එකක්

Report

 පුරාවිද්‍යා උපදේශක කමිටුවකට අති විශේෂ ගැසට් එකක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම කමිටුව සමන්විත වනුයේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගිහිපැවිදි සාමාජිකයින් 19 දෙනෙකුගෙනි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පුජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේද එම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබයි.

ඒ වගේම එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ මෙම වසරේ මාර්තු 10 වැනිදා සිට 2027 වසරේ මාර්තු 09 වැනිදා දක්වා කාලයකට බලපැවැත්වෙන ලෙස මෙම පුරාවිද්‍යා උපදේශක කමිටුව පත්කර ඇති බවයි.

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි