"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

Report

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවන් සකස් කළ 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සිටින එකම අධ්‍යාපනඥයා මහාචාර්ය සිරිමල් අබේරත්න පමණක් බවත්, අනෙකුත් සාමාජිකයන් ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්, හෝටල් හිමිකරුවන්, IT සමාගම් විධායකයන්, පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජිතයෙකු සහ ලෝක බැංකු නියෝජිතයෙකු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ඔහු මෙම අනාවරණය කළේ ඊයේ (24) රාත්‍රියේ විද්‍යුත් නාලිකාවකදී පැවති සජීව දේශපාලන සංවාදයකදීය.

ඒ අවස්ථාවේදී ඔහු පෙන්වාදුන්නේ, කමිටුවේ සිටින 25 දෙනා අතරින් 6 දෙනෙකු IT සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ සාමාන්‍යාධිකාරින් බවයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

ඔහු දැක්වූ නම් අතර දුමින්ද හුලංගමුව (වාණිජ මණ්ඩලයේ උප සභාපති), හර්ෂ අලස් (ගේට්වේ ජාත්‍යන්තර පාසලේ CEO), හර්ෂ සුබසිංහ, යසස් තලගල, විරංජ කරුණරත්න, හිරාන් කුරේ, හර්ෂ අතුරුපාන යන අය ඇතුළත් වේ.

මෙම කමිටුවේ සිටින එකම අධ්‍යාපනඥයා ලෙස සදහන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා බව පුබුදු ජයගොඩ පැවසීය.

කෑම පෙට්ටිය ඇරලා බලපු අවුරුදු 9 දරුවා හෘදයාබාධයකින් මිය ගිහින්

කෑම පෙට්ටිය ඇරලා බලපු අවුරුදු 9 දරුවා හෘදයාබාධයකින් මිය ගිහින්

තවද ඔහු සඳහන් කළේ, ලංකාවේ පළමු අධ්‍යාපන පීඨය හෙවත් කොළඹ විශ්වවිද්‍යාලය තුළ විශාල අධ්‍යාපනඥ ප්‍රජාවක් සිටින නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු මෙම කමිටුවට ඇතුළත් කර නැති බවය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රතිසංස්කරණ යෝජනා අධ්‍යාපනඥයන් විසින් සකස් කළ බව කියා සිටි අතර, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මෙම කමිටු සංයුතිය මගින් පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම චෝදනාව සත්‍ය නොවනවා නම් ඒ බව තහවුරු කිරීමට ආණ්ඩුවට හැකි යැයිද ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.