ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් - හෙට උදේ 10ට

Report

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන වහාම ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු වෙනුවෙන් ලබා දීම සඳහා රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන හෙට (27) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එය පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ එදිනම පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් ආරම්භ කෙරෙන බවයි.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

එමෙන්ම ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

අඳාළ ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබා ගනිමින් සිදු කිරීමටත් රජය බලාපොරොත්තු වේ.

සෞඛ්‍ය සේවයෙන් ඇහෙන සුබ පණිවිඩය

සෞඛ්‍ය සේවයෙන් ඇහෙන සුබ පණිවිඩය

මේ පිළිකා තියෙන රෝගීන්ට සතුටු හිතෙන නිවේදනයක් - ආයේ ඇති වෙන්නේ නෑ

මේ පිළිකා තියෙන රෝගීන්ට සතුටු හිතෙන නිවේදනයක් - ආයේ ඇති වෙන්නේ නෑ