සෞඛ්‍ය සේවයෙන් ඇහෙන සුබ පණිවිඩය
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්රදානය කිරීමට නියමිතව තිබේ.
මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පවත්වන ලද්දේ පසුගිය 2025 වසරේදීය.
නමුත් මෙය මීට පෙර පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ, 2021 වර්ෂයේදීය. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබේ .
''රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුයි ''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
ඒ අනුව විවෘත තරග විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන තිබේ .
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617 කි.
ඒ අනුව 1,906ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.