විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

Report

ඉන්දියාවේ ජනරජ දිනය සඳහා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආරාධිත අමුත්තන් කරගෙන පැවැත්වූ උත්සවය සම්බන්ධ විවිධ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු වේ.

එහෙත් ඒ අතර බොහොමයක් අතිශොක්තියෙන් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අඳාළ උත්සවය සහ ජනරජ දින ප්‍රධාන උත්සවය දෙකක් වන අතර ප්‍රධාන උත්සවය නවදිල්ලියේ පැවැත්වෙන්නේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික ආරාධිතයින් සමඟින් වේ.

එය පවත්වන්නේ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ වන අතර Bhubaneswar, India, Odisha ලිපිනයේ පිහිටි KIIT හෙවත් කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ වේ.

ඒ අනුව ඔවුන්ගේ ආයතනයට යාබද පිට්ටනියක සිසුන් කන්ඩායමක් සමඟ මෙය පවත්වන්නේ එම ආයතන ප්‍රධානී මහාචාර්ය අච්‍යුතා සමන්ත මහතාගේ මූලිකත්වයෙන් වන අතර නාමල් රාජපක්ෂ සමඟ වාහනයක නැගී ආචාර කරමින් යන්නේ ඔහුයි.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

ඒ අනුව ජනරජ දිනය ඉන්දියාව පුරා සමරන විශේෂ අවස්ථාවක් වන බැවින් බොහෝ ආයතන ඒ ඒ ආයතනික මට්ටමින් මෙය සමරා ඇති අතර මෙම තාක්ෂණික ආයතනයද එය අනුගමනය කර තිබෙනවා.

ඉන්දියාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ නාමයක් දිනා සිටින කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය KIIT විශ්වවිද්‍යාලය වශයෙන් ද ඇතැම් තැනක හඳුන්වා තිබෙන අතර, වර්තමානය වන විට ගුණාත්මක අධ්‍යයන පාඨමාලා මෙන්ම මානුෂීය මෙහෙවර සඳහා ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ආයතනයක් බවත් වසර 25ක ඉතිහාසයක් ඇති බවත් එම වෙබ් අඩවියේ සඳහන්.

කෙසේ වෙතත් මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ තෝරාගත් කණ්ඩායමක් ඔවුන් තෝරාගත් ආකරය හෝ එම ආරාධනාව කවර අරමුණකින් සිදුකළේද යන්න පිළිබඳව සඳහන් නොවේ.

එහෙත් මෙම උත්සවය ගැන ඉන්ස්ටර්ග්‍රැම් සටහනක් තබන එම ආයතනයේ අධිපති මහාචාර්ය අච්‍යුතා සමන්ත මෙම උත්සවයට පැමිණ සිටින නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 'විපක්ෂ නායක' බව සඳහන් කර තිබීම මෙහිදී විශේෂ කරුණක් ලෙස වාර්තා වේ.

විපක්ෂේ ලොක්කෝ සෙට් එකක් හෙට හදිසියේම නොරොච්චෝලෙට - හේතුව මෙන්න

විපක්ෂේ ලොක්කෝ සෙට් එකක් හෙට හදිසියේම නොරොච්චෝලෙට - හේතුව මෙන්න

අඳාළ ඉංග්‍රීසි සටහන පහතින්,

This year, we were happy to share this occasion with a delegation of 10 Members of Parliament from Sri Lanka, including Mr Namal Rajapaksa, Leader of the Opposition, and Mr Chithral Fernando, Leader of the Delegation, along with other Hon’ble MPs. Their presence reflected the long-standing friendship between our two countries.

එසේම අඳාළ සම්පූර්ණ සටහනේ සිංහල පරිවර්තනය පහතින්,

ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය (KIIT), කාලිංග වෛද්‍ය විද්‍යා ආයතනය (KIMS) සහ කාලිංග සමාජ විද්‍යා ආයතනය (KISS) ඒකාබද්ධව සංවිධානය කළ සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලාංකික නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. සෑම වසරකම ජනරජ දිනයේදී මෙම ආයතනවල සිසුන් ඉහළ විනයකින් සහ අභිමානයකින් යුතුව පෙළපාලි සහ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරන අතර, ඔවුන්ගේ එම කැපවීම දැකීම තමන්ට නිහඬ සතුටක් ගෙන දෙන බව KIIT නිර්මාතෘවරයා මෙහිදී සඳහන් කර ඇත. මෙවර සැමරුම් උළෙල වඩාත් සුවිශේෂී වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි දස දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමකගේ සහභාගීත්වය හේතුවෙන් වන අතර, ඊට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා මෙන්ම නියෝජිත පිරිසේ නායක චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ. ශ්‍රී ලාංකික නියෝජිතයන්ගේ මෙම පැමිණීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වන බව විශ්වවිද්‍යාල බලධාරීන් පෙන්වා දෙයි. KIIT සහ KISS පරිශ්‍රයන්හි පැවති මෙම ජනරජ දින සැමරුමෙහි සුවිශේෂී අවස්ථා රැසක් සමාජගත කරමින් ආයතනය සියලු දෙනා වෙත සුබ පැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලාංකික නායකයන් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතනයක වැඩකටයුතු නිරීක්ෂණය කිරීම ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්