නාමල් රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් - රජය තුළ සැක සහිත සූදානමක්? - නීතිඥ මනෝජ් ගමගේ
හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන නායකයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් වත්මන් රජය තුළ පවතින බවට බරපතළ සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා ඊයේ (26) හිරු රූපවාහිනියේ වැඩසටහනකදී ප්‍රකාශ කළේය.
මෙම චෝදනාව මෑතකදී රට තුළ ඇතිවූ දේශපාලනික ඝාතන හා තර්ජන සම්බන්ධ සිදුවීම්වලට සම්බන්ධ වන බව ඔහු පෙන්වා දෙයි.
නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, මෙම සැකය ඇතිවීමට හේතුව මෑතකදී සිදුවූ දේශපාලනඥයින්ගේ ඝාතන හා තර්ජන බවයි.
"තරුණ නායකයෙකු වන නාමල් රාජපක්ෂ මහතා අනාගතයේදී රජයට අභියෝගයක් වනු ඇති බැවින්, ඔහුගේ ජීවිතය ගැන දැන් බරපතළ ප්‍රශ්නයක් පවතින බව මට සැකයි"
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ දුරකථනයේ ‘නාමල්’ යන නමක් හමුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එය නාමල් රාජපක්ෂ මහතාට සම්බන්ධ එකක් බවට තමන්ට සැක ඇති බවත්ය.
මනෝජ් ගමගේ මහතා චෝදනා කළේ, මෙම සූදානම ඔහුගේ පාතාල සම්බන්ධතා ඇති බව පෙන්වීමෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් කිරීමේ උපාය මාර්ගයක් ලෙස භාවිතා කරන බවයි.
"හෙට නම්, නාමල් රාජපක්ෂ මහතාට වෙඩි තැබූවොත්, ‘මෙයාටත් පාතාල සම්බන්ධතා තිබුණා, මේකත් පාතාල ප්‍රශ්නයක්’ කියලා කියයි"
රාජපක්ෂ පවුලට එරෙහිව බොරුවෙන් චෝදනා එල්ල කරමින් ඔවුන් විනාශ කිරීමට ඉඩ නොදෙන බවත්, පොහට්ටුව එවැනි උපාය මාර්ගවලට එරෙහිව සටන් කරන බවත් ඔහු අවධාරණය කළේය.