අවුරුදු 12ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් තහනම් - රජයේ අලුත්ම තීරණය මෙන්න
වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ළමා කටයුතු අමාත්‍යවරිය වන සරෝජා පෝල්රාජ් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.
අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ,
"වයස අවුරුදු 12ට අඩු කිසිදු දරුවෙකුට ජංගම දුරකථන හිමිකර ගැනීමට හෝ භාවිත කිරීමට ඉඩ නොලැබෙන බවට රජය සහතික කරනවා" යනුවෙනි. මෙම තහනම තුළින් දරුවන්ගේ අධ්‍යාපනික හා මානසික වර්ධනය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව ඇය අවධාරණය කළාය.
සමාජ මාධ්‍ය, ඔන්ලයින් ක්‍රීඩා, සහ අනිසි අන්තර්ගතයන්ට නිරාවරණය වීම මගින් දරුවන්ගේ අධ්‍යාපනය, ආචාරධර්ම, සහ මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම තහනම මගින් එවැනි බලපෑම් අවම කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරියගේ ප්‍රකාශයෙන් ඉඟි වේ.
සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?
Sri Lanka plans to ban the use of smartphones by school children.
— NewsWire 🇱🇰 (@NewsWireLK) October 26, 2025
“We will take a decision that no child under 12 can get a phone,” said Child Affairs Minister Saroja Paulraj, speaking at a function attended by school children. 📵🇱🇰 pic.twitter.com/Wnq60e1UUL