නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලය ඉලක්ක කරගනිමින් ඉකුත් දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් සංවාදයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් තවමත් විවිධ කතාබහ ඇතිවෙමින් පවතී.
ඒ විද්‍යාලයේ 2025/2026 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පත් කරන ලද ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් සිව් දෙනෙකු අතර පැවති බව කියන අසම්මත සබඳතාවක් සම්බන්ධයෙන්.
එසේම මෙය තවදුරටත් ආන්දෝලනයක් ඇති කිරීමට තුඩු දී ඇත්තේ මෙම කතාවට අදාළ යයි කියන වීඩියෝ පට 4 ක්ද කාන්දු වීමත් සමඟයි.
අඳාළ වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ එක් ගුරුවරියකගේ සැමියෙක් හෝ අඳාළ සිසුවාගේ මිතුරෙකු බවට ද සංවාද පවතී.
නාලන්දාවේ වීඩියෝවේ සිසුවෙක්ගේ මවකුත් - ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි
කෙසේ වෙතත් දැනටමත් සමාජ මාධ්‍යයේ උඩුදුවමින් පවතින අඳාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන්, විද්‍යාල මට්ටමින් හෝ ආදි ශිෂ්‍ය මට්ටමින් කිසිදු නිල තහවුරු කිරීමක් කර නැති අතර පැතිරෙන අපවාද සම්බන්ධයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නිල වශයෙන් නිකුත් කර නොමැත.
එසේ තිබියදී මුදා හැර ඇති වීඩියෝ සොයමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක කසුකුසුවක් සමඟ මෙම සිසුවාගේ යයි කියන ඡායාරූපයක් හා ගුරුවරියන්ගේ ඡායාරූප රැසක් ද හුවමාරුවෙමින් තිබේ.
මේ අතර අඳාළ සිදුවීම මෑතක එකක් නොවන බවත් 2025 වසරේ සිදුවූවක් බවත් පෙන්වා දෙන දේශපාලන විචාරකයෙකු සඳහන් කරන්නේ ඊයේ දින (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙකී පාසලේ විශේෂ උත්සවයකට සහභාගී වීමට යන්නට පෙර හිතාමතා මෙසේ මඩගැසීමක් නිර්මාණය කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට විවිධ පාසල්වල සිද්ධීන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ ප්‍රසිද්ධියට පත් වූයේ සමාජයේ දැඩි කතාබහක් මතු කරමිනි.
මෙහි සත්‍ය අසත්‍යතාවය හරි හැටි නොදැන වුවත් බොහෝ දෙනා පළ කරන්නේ වර්තමාන සමාජය මේ ආකාරයෙන් පිරිහීමට විවිධ කරුණු කාරණා බලපා ඇති බවයි.
ඒ අතර මෙම සිදුවීමට නූතන තාක්ෂණය මෙන්ම අද කාලයේ විකාශය වන ඇතැම් ටෙලි නාට්‍යවලට දෝෂාරෝපණය සිදු කරන අතර තව පිරිසක් පවසන්නේ සුදුසු ලිංගික අධ්‍යාපනය පාසල් පද්ධතියට හඳුන්වා නොදීමත් මීට හේතුව බවයි.
එහි ප්‍රතිවිරුද්ධ මතය නම් ලිංගික අධ්‍යාපනය පාසල් පද්ධතියට හඳුන්වා දීමට එරෙහිව ගොඩනැගෙන මතවාද පෝෂණය කිරීමට සඳහා මෙම සිදුවීම ආයුධයක් කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් යම් සිදුවීමක් සිදු වී අවසන් ය.
එහෙත් නිසි පියවර තවදුරටත් පමා වීම මේ සිද්ධියේ සිටින වින්දිතයන් තවදුරටත් අසරණ කරන බව අඳාළ බලධාරීන් සිහි තබා ගත යුතුය.
එමෙන්ම තාක්ෂණය භාවීතයේදී කොයිතරම් ප්‍රවේශම් විය යුතුද යන්නත් සමාජයේ ගරු කළ යුතු භූමිකාවන්ගේ වගකීම් විරහිතභාවය තුළින් කොතරම් සංකීර්ණ ගැටලු මතුවිය හැකි ද යන්නත් කවුරු කවුරුත් සිහිපත් කරගැනීමට මෙය කදිම පාඩමකි.
එසේම හෙළි වූ මෙවැනි එක් සිද්ධියකට වඩා සැඟවුණු තවත් සිද්ධීන් රැසක් පවතින බව අප කවුරුත් වටහා ගත යුතු දෙයකි.
එබැවින් වර්තමාන සමාජයේ සුදු හෝ කළු මිනිසුන් නැති බවත් සිටින සැම අළු මිනිසුන් පමණක් බවත් සමාජ මාධ්‍ය පීරමින් ලීක් වූ වීඩියෝ සොයන කොයි කවුරුත් සිහි තබා ගත යුතුය.