මස්ක්ගේ X හදිසියේ අක්‍රීය වෙයි.
Twitter
Elon Musk
World
X
Social Media
By Zara
එලොස් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශීලකයින් සඳහා X සමාජ මාධ්‍ය අක්‍රීය වී ඇත යන්නයි.
මේ අතර ලොව පුරා පරිශීලකයින් දහස් ගණනකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බවත් විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් එහි හිමිකරු එලොන් මස්ක් චෝදනා කළේ අසාමාන්‍ය ලෙස බලගතු සයිබර් ප්‍රහාරයක් බවයි.
“අපිට හැමදාම ප්‍රහාර එල්ල වෙනවා. නමුත් මේක කළේ ගොඩක් සම්පත් යොදාගෙන. විශාල, සම්බන්ධීකරණ කණ්ඩායමක් හෝ රටක් සම්බන්ධ වෙලා ඇති..”
කෙසේ වෙතත්, මස්ක් සදහන් කර ඇත්තේ මෙම සයිබර් ප්‍රහාරය යුක්රේන ප්‍රදේශයෙන් ආරම්භ වූ IP ලිපිනවලින් පැමිණි බවයි.
