තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට සූදානම් වෙයි
තැපැල් වෘත්තිය සමිති එළඹෙන 18 වැනි දින වර්ජනයකට එළඹීමට තීරණය කර තිබේ.
තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා පැවසුවේ තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු විසදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවය.
සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින බවත්, මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමඟ ද සාකච්ඡා කළ බවත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් ඒ අනුව අදාළ දිනයන් හීදි මෙම වෘත්තිය ක්රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.