සොරෙක් කියලා හිතලා පහර දුන් කෙනා..

By Piyumika Sep 28, 2024 03:52 AM GMT
Report

වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැප්තැම්බර් 30 කලින් කරන්න ඕන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

සැප්තැම්බර් 30 කලින් කරන්න ඕන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

මෙම සිදුවීම ඊයේ (27) රාත්‍රියේදී සිදුව ඇත. මරණකරු වයස අවුරුදු 33ක් වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් ය.

මරණකරු සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, මරණකරු සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවක සැකකරු නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

කට්ටියක් ගෝල්ෆේස් එකට වාහන ගෙනත් දාන කොට..4000කට වුණා දෙයක් නෑ..

කට්ටියක් ගෝල්ෆේස් එකට වාහන ගෙනත් දාන කොට..4000කට වුණා දෙයක් නෑ..

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන ඉහත ලිපිනයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.