පාර්ලිමේන්තු පිවිසුම අසල මන්ත්‍රීවරුන් රැසක් විශාල විරෝධතාවයක් - හේතුව මෙන්න
සමගි ජන බලවේග ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද(20) දින උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවයක නිරතව ඇත.
ඒ අනුව ඔවුන් එහිදී කියා සිටියේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අඳාළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ලෙසයි.
එමෙන්ම මෙම බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් රජයට පාඩු වී ඇති බවත්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලටද හානි සිදුවිය හැකි බවත් ඔවුන් චෝදනා කළා.
ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?
එසේ සඳහන් කරමින් මේ ගැනද ආණ්ඩුවේ අවධානය යොමු කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විරෝධතාවයේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉල්ලා සිටියා.
මේ අතර එම බාල ගල් අඟුරු ආනයනය කිරීම සඳහා රජයට සිදු වූ පාඩුව පිරිමසා ගැනීමට විදුලි බිල වැඩි කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් සඳහන් කරයි.
ඒ අනුව එම විදුලි බිල වැඩි කර ඒ බර ජනතාව මත පැටවීමට ඉඩ ලබා නොදෙන බවත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහිදී දැඩිව අවධාරණය කර සිටියා.