පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු අනාවරණය වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු සඳහන් කළේ පද්මේ ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුර මෙම කරුණු හෙළි කරගත් බවයි.
එබැවින් එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද සම්පූර්ණ විමර්ශනකින් පසුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවත් අමාත්‍යවරයා අනාවරණය කළා.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා කියා සිටියේ,
"කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා. ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා"