කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් හෙළිදරව්වක් - අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000ක්

Report

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇත.

මෙම සොයා ගැනීම සිදු වූයේ, අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හරහා ලද තොරතුරු මත ය.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන දැනටත් එම ස්ථානයේ ක්‍රියාත්මක ය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් බොහෝ තොරතුරු අනාවරණය වී ඇත.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

වාර්තාවලට අනුව, හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු සම්බන්ධ තොරතුරු ද මෙහිදී හෙළි වී ඇති අතර, ඔවුන් මෙම පාතාල කල්ලිය සමඟ ගනුදෙනු කර ඇති බවට සැක පළ කෙරේ.

මේ වන විට, කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ඔවුන්ගේ පදිංචි ස්ථාන අතහැර පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සනාථ කරයි.

ශ්‍රී ලංකා පොලිසි‍යෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා පොලිසි‍යෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්

එසේම, කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ද පොලිසිය විසින් වටලා ඇත. මීට අමතරව, පුද්ගල ඝාතන කොන්ත්‍රාත් සඳහා යොදාගත් වෙඩික්කරුවන් පිළිබඳ විමර්ශන ද ආරම්භ කර තිබේ.

මෙම මෙහෙයුම් හරහා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වේ. 

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්