අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණයගැන පොලිසියට සැකයක් - සිරුර ලග තිබූ සාක්ෂි

Report

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය අද (24) පෙරවරුවේ බදුල්ල - මහියංගනය මාර්ගයේ 17 කණුව අසල වන ලැහැබක තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

ඊයේ (23) පෙරවරුවේ සිට වෛද්‍යවරයා අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සහ යුද හමුදාව එක්ව විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඊයේ රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයේ අතහැර දමා තිබූ වෛද්‍යවරයාගේ මෝටර් රථය ප්‍රථමයෙන් සොයාගැනීමට හැකි විය.

වී වගාව සම්බන්ධයෙන් සියලුම ගොවීන්ට මහවැලි අධිකාරියෙන් දැනුම්දීමක්

වී වගාව සම්බන්ධයෙන් සියලුම ගොවීන්ට මහවැලි අධිකාරියෙන් දැනුම්දීමක්

පසුව සිදුකළ වැඩිදුර සෙවීම්වලදී මෝටර් රථය තිබූ ස්ථානයේ සිට වන ලැහැබ තුළට මීටර් 800 ක් පමණ ඇතුළත වූ ගලක් මත තිබී වෛද්‍යවරයාගේ සිරුර අද උදෑසන සොයාගෙන තිබේ.

මෘත ශරීරය අසල තිබී ඖෂධ වර්ග 3 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, අදාළ ඖෂධ පෙති පානය කර වෛද්‍යවරයා සියදිවි නසාගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

එමෙන්ම ඔහු දීර්ඝ කාලයක සිට මානසික ආතතිය සඳහා ඖෂධ ලබාගනිමින් සිටි අයෙකු බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මුළු ලංකාවටම ඉතා දරුණු අනතුරක් අත ළඟ - ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට 36 දක්වා පහළට

මුළු ලංකාවටම ඉතා දරුණු අනතුරක් අත ළඟ - ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට 36 දක්වා පහළට