වී වගාව සම්බන්ධයෙන් සියලුම ගොවීන්ට මහවැලි අධිකාරියෙන් දැනුම්දීමක්

Report

එළඹෙන මහ කන්නය කල් නොදමා වේලාසනින් ආරම්භ කර ජලය සුරක්ෂිත කරගැනීමෙන්, ඊළඟ යල කන්නය ද ලබන වසරේ මාර්තු 15 වනදා හෝ අප්‍රේල් මුල වන විට සාර්ථකව ආරම්භ කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි. 

ඒ මහතා පෙන්වා දුන්නේ, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතුණද, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි. එම නිසා ජලය කාර්යක්ෂමව පාලනය කරමින් වගා කටයුතු කඩිනමින් ඇරඹීම ඉතා වැදගත් වේ.

මාස 18ක සිරදඬුවම් විඳිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

මාස 18ක සිරදඬුවම් විඳිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

දත්ත උපුටා දක්වමින් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට මහවැලි පද්ධතියට අයත් ජලාශවල සියයට 54 ක ජල ධාරිතාවක් සහ වලවේ පද්ධතියේ සියයට 57 ක ජල ධාරිතාවක් පවතින බවයි.

මෙම ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමක පවතින බැවින්, නිසි ජල කළමනාකරණ සැලසුමකට අනුව කටයුතු කිරීමෙන් කන්න දෙකෙහිම වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙන බව ඔහු අවධාරණය කළේය.

නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් - ඉරානයෙන් රතු එළියක්

නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් - ඉරානයෙන් රතු එළියක්