සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව හිටපු බුද්ධි අංශ අධ්යක්ෂ සුරේෂ් සලේගේ සැලසුම් සහගත මෙහෙයවීම මත සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අධිකරණය හමුවේ ප්රකාශ කළේය.
පාස්කු ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි පෙත්සම ඊයේ (04) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී CIDය මෙම කරුණු අනාවරණය කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අධිකරණ තීරණය ලබන නොවැම්බර් 25 වැනිදා ප්රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්රාත් පසන් සමරසේන මහතා නියෝග කළේය.