ඇමති නලින්දට හොදටම කේන්ති යයි තැපැල් සේවකයන්ට බැන වදියි

Report

විවිධ ඉල්ලීම් මුල් කරගෙන තැපැල් සේවකයන් අත්තනෝමතික ආකාරයෙන් වැඩ වර්ජන වල නිරත වෙන ආකාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව අවධානයෙන් පසුවෙයි. ඒ අනුව තැපැල් සේවය බිඳ වැටි පවතින අවධියක සුළුසුළු ඉල්ලීම් මුල් කරගනම් මේ සිදුු කරන විරෝධතා හේතුවෙන් ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවයට පත්වන බව ඇමති නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,සාකච්ඡා වට ගණනාවක් සිදුකර ඇති පසුබිමක තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රජය අදාළ ගැටලු සම්බන්ධයෙන් සාධනීයව මැදිහත් වෙමින් සිටින පසුබිමක මෙලෙස වැඩවර්ජනයකට යොමුවීම තුළින් තැපැල් සේවයට කිසිදු වාසියක් අත්නොවන බවය.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ පාඩුවට. අපිට මීට අවුරුදු එකසිය ගාණකට කලින් තිබුණ තැපැල් දෙපාර්තමේන්තුව නෙමෙයි දැන් අවශ්‍ය කරන්නේ, තවත් වාණිජ ආයතන ගණනාවක් සමග තරග කළ හැකි නවීකරණය කළ තැපැල් දෙපාර්තමේන්තුවක්.

තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලැබුවොත් තමා භාණ්ඩාගාරය හරහා රටට වාසියක් අත්වෙන්නේ සහ තැපැල් දෙපාර්තමේන්තුවට විශ්වාසයක් කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට විශාල මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. ඉතින් මෙවැනි වැඩවර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නෑ. වෙන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ඒ නැති වුණ විශ්වාසය යළි අත්පත් කරගන්න තවත් කාලයක් ගත වෙනවා. ඒ නිසා සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නිරන්තරයෙන් අපි අදහස් හුවමාරු කරගන්නවා. මේ විටින් විට සිදුකරන වැඩවර්ජන නිසා ඇත්තටම තමන්ගේ සේවයටම හානියක් කරගන්නවා.

ඔබ අතර තියෙන තරගය නිසා මේ විටින් විට පැය 24 පැය 48 වැඩවර්ජන කිරීම ඇතුළේ තැපැල් සේවයත් විනාශ කරගන්නවා, විදිමත් සාකච්ඡාවකින් තොරව මේ වැඩවර්ජන කිසිසේත්ම සාධාරණ නෑ. මේ වර්ජන අනුමත කරන්න බෑ. පහුගිය කාලේ විටින් විට වැඩවර්ජන සිදුකළා මේකෙන් අපේක්ෂිත මුල්‍යමය ඉලක්කයට යන්නත් බැරිකමක් තියෙනවා."

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන