ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

Gossip Today Piumi Hansamali SL Actress Gossips Gossip Lanka Sinhala news
By Kaushi Jul 14, 2025 06:32 AM GMT
Kaushi

Kaushi

Report

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ වයස අවුරුදු 17 ක් වන පුත්‍රයා රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් මත ඊයේ (13) දින පෙරවරුවේ වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබූ බව රටම දන්නා පුවතක්.

මේ පහර දීමට මුල්ව ඇත්තේ පියුමි හංසමාලිගේ පුත්‍රයා යතුරු පැදියකින් ගමන් ගන්නා විට ත්‍රීරෝද රථයක් හා ඇතිවූ ගැටලුවක් බව සඳහන්.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙහිදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අතර හටගත් සුළු රිය අනතුරක් මුල් කරගනිමින් ඇතිවූ බහින්බස් වීම පහරදීමක් තෙක් දුරදිග ගොස් ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පවසයි.

එහිදී පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ සැකකරු තවත් පිරිසක් සමග එක්වී ආරක්ෂිත හිස් ආවරණයකින් පහරදුන් බවට යි.

කෙසේ වෙතත් මෙම පහරදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවසයි. පහර කෑ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තම සැමියාගේ හිසට සහ අතට හිස් ආවරණයකින් දස වතාවක් පමණ පහරදී ඇති බවයි.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කොට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණු බව වාර්තා විය.

එවන් පසුබිමක අනතුරට ලක්වූ පුද්ගලයාගේ බිරිය පොලීසියට යළි පැමිණිලි කර ඇත්තේ අඳාළ සිද්ධියෙන් පසු තම පවුලට බලවත් පුද්ගලයින්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි පවසමින් බව සඳහන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

ඒ අනුව වාර්තා වූයේ අඳාළ සිද්ධිය දුරදිග නොයවන ලෙස තර්ජනාත්මක ඇමතුමකින් දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් මෙහිදී පහර කෑ පුද්ගලයාගේ බිරිය පවසා ඇත්තේ දියණියන් තිදෙනෙක් ඇති තමා එළියට යාමට බියෙන් පසුවන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ යතුරුපැදි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවම වයස අවුරුදු 18 ක් බවත් පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ වයස තවම අවුරුදු 17 බවත් ඒ අනුව ඔහුට ලබා ගත හැක්කේ ඉගෙනුම් බලපත්‍රයක් (Learner's Permit)බවත් ඇතමුන් ප්‍රශ්න කරන බවද සඳහන්.

නාවින්නේ බස් රථ අනතුරක්

නාවින්නේ බස් රථ අනතුරක්

ReeCha