ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

Report

ටීච අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු යනු මාර්ග ගත ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව පන්ති පවත්වමින් සමාජය තුළ ප්‍රසිද්ධියක් ලබාගත් ගුරු මහත්මියකි. පසුගිය දවසක ඇයගේ සේවා ස්ථානයේ සේවය කළ පිරිමි පුද්ගලයකුට මේ කියන ගුරුවරිය විසින් පහර දුන්නා යැයි කියන සිදුවීමක් මත ඇය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් කතිකාවන් නිර්මාණය විය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙම සිදුවීම නීතිමය පැත්තට යොමු වූ අතර එයින් ඇප ලබා නිදහස් වීමට ඇයට හැකි විය.නමුත් සමාජ මාධ්‍ය පුරාවටම ඇය පිළිබඳ පිළිබඳ පිළිබඳව නොයෙකුත් ආකාරයේ අපහාසාත්මක කතාවන් ප්‍රචාරය විය. එහි සත්‍යය අසත්‍යතාවයවත් නොදැන බොහෝ පිරිසක් මෙවැනි ක්‍රියාවන්වල නිරතවීම නිසා හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය ඒ පිළිබඳව තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ටීචර් අම්මාට අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණා ආඥා තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) නිකුත් කළාය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

හයේෂිකා පනාන්දු මහත්මිය විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත වාරණ නියෝග නිකුත් කළාය. චමින්ද රණවීර හෙවත් සම්පත්,සුදත්ත තිලකසිරි, හා රජාංගනයේ සද්ධාරත්න හිමි වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිළි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥා නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසිද නිකුත් කළාය.

හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමියගේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අසත්‍ය සහ දේවේශ සහගත කරුණු වග උත්තර කරුවන් විසින් අන්තර්ජාලයේ පළ කරමින් සිටින බවයි.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

අදාළ ප්‍රචාර තවදුරටත් උඩුගත කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් උත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, නොතීසි නිකුත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට කොන්දේසි සහිත වාරණ ආඥා නිකුත් කරමින් ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා