නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කිසියම් සම්බන්ධතාවක් තිබුණේ නම්, එය ඔහුගේ හෘදය සාක්ෂිය හොඳින් දන්නා බවයි.
නාමල් රාජපක්ෂ මහතා විසින් කර ඇති “ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට ගාවන්න ඉඩ තියෙනවා” යන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කටකතා හෝ ඕපාදූප මත කටයුතු නොකරන බවත්, විමර්ශනවලින් තොරතුරු හෙළි වීමට පෙර එවැනි ප්‍රකාශයක් කිරීම ප්‍රශ්නකාරී බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.