පාකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

Report

පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසර 25කට පසු වසා දැමීමට එම ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් වශයෙන් තාක්ෂණික දැවැන්තයෙක් වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි මෙම කාර්යාලය වසා දමන බවට නිවේදනය කර තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එබැවින් එම ආයතනය මඟින් ඉකුත් බ්‍රහස්පතින්දා සිට පාකිස්ථානයේ පිහිටි එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයෙන් ලැබෙන තොරතුරු අනුව වාර්තා වූයේ 2023 වර්ෂයෙන් අනතුරුව සිදුවූ විශාලතම සේවක කප්පාදුවට වූ 9,000ක සේවක කප්පාදුවට අමතරව මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පියවර ගැනීමට හේතුව පිළිබඳව මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාකිස්ථානයේ හිටපු ප්‍රධානී ජවාඩ් රෙහ්මාන් තම LinkedIn ගිණුමේ සටහනක් තබා ඇත.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ව්‍යාපාර මුහුණ දෙන අරගල සේම මුදලේ අවප්‍රමාණය සහ විදෙස් ආයෝජන පහත වැටීම ඇතුළුව රටේ ආර්ථික අස්ථාවරත්වය මේ සඳහා හේතු වූ බවයි.

එසේම එම ආයතනය දක්වා ඇත්තේ පාකිස්ථානයේ පිහිටි තම කාර්යාලය වසා දැමුවද පාකිස්ථානයට ආසන්න රටවල පිහිටා තිබෙන සෙසු මයික්‍රොසොෆ්ට් කාර්යාල ඔස්සේ පාකිස්ථාන පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබා දෙන බවයි.

එමෙන්ම එම ආයතනය පෙන්වා දෙන්නේ ලොව පුරා රටවල් ගණනාවක මෙම සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන නිසා තම ගනුදෙනුකරුවන් සඳහා ඉදිරියටත් ඉහළ මට්ටමේ සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවයි.  

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි