මෙතෙක් නොහිතපු මනසේ නිරෝගිභාවය ගැන සිතමු!
ලෝක මානසික සෞඛ්‍ය දිනයේ සමස්ත අරමුණ වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීම සහ මානසික සෞඛ්‍යයට සහාය වීම සඳහා උත්සාහයන් බලමුලු ගැන්වීමයි. මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ට ඔවුන්ගේ කාර්යයන් පිළිබඳව කතා කිරීමට සහ ලොව පුරා සිටින ජනතාවට මානසික සෞඛ්‍ය සේවාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තවත් කළ යුතු දේ පිළිබඳව කතා කිරීමට මෙම දිනය අවස්ථාවක් සපයනු ලබයි. යහපත් සෞඛ්‍ය තත්වයකින් ජීවත් වීම යනු සෑම පුද්ගලයෙකුගේම මූලික අපේක්ෂාවකි. නමුත් පුද්ගලයන් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන උනන්දු වුවත් මානසික සෞඛ්‍ය පිළිබඳව දක්වන උනන්දුව ඉතා අඩු බව වර්තමාන සමාජය දෙස බැලූ විට ඉතා පැහැදිලිව පෙනී යන කරුණකි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත්තේ සෑම වසරකම ඔක්තෝම්බර් 10 වැනි දිනටයි. මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ලොව පුරා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා තවදුරටත් කළ යුතු දෑ පිළිබඳව සොයා බැලීමට මෙම දිනය ඉතා වැදගත් වේ. මානසික සෞඛ්‍ය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සලකනු ලබයි. මානසික සෞඛ්‍ය සම්බන්ධ අවධානම් වලින් ආරක්ෂා වීමට ඇති අයිතිය, ළඟාකරගත හැකි, ප්‍රවේශවිය හැකි, පිළිගත හැකි සහ හොඳ තත්වයේ රැකවරණයක් ලබාගැනීම, ප්‍රජාව තුළ නිදහස එවගේම ස්වාධීනත්වය පැවතීම, වැනි අයිතීන් මේ යටතට ඇතුළත් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් ගතහොත් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව සඳහන් වේ. එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, එසේම ජීවනෝපායට පවා බලපෑම් ඇති කල හැකියි. නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමක් දැක ගත හැකි බවත් ඔවුන් තවදුරටත් පවසයි.
[NT6F4 ]
මානසික සෞඛ්‍ය ගැටලුවක් පැවතීම පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තීරණ වලින් ඔවුන්ව බැහැර කිරීමටත් හේතුවක් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. වර්තමානයේදී එවැනි මානව අයිතීන් උල්ලංඝනය වීම් සමාජය තුළ දැකගත හැකි නිසා මානසික සෞඛ්‍ය අගය කිරීම, ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ.
බොහෝ දෙනෙක් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය බොහෝ සෙයින් උනන්දු වෙයි. එහෙත් මානසික සෞඛ්‍ය ගැන උනන්දු වෙනවාද යන්න ගැටළුවකි.මනස ලෙඩ විමෙන් ශාරිරික ගැටළු පවා ගොඩ නැගීමට ඉඩ ප්‍රස්ථාව ඇත. එහෙත් ඒ ගැන කටයුතු කරනවා බෙහෙවින් අඩුය.අද වත්මනය වනවිට බොහෝ මිනිසුන්ගෙ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්ව ඇත.තිබෙන ආර්ථික තත්වය ආදියත් කාර්‍යබහුල ජීවන රටාවත් මේ සදහා හේතු වී තිබේ.අප ඕනෑතරම් මනස් වියවුල් පුද්ගලයන් දැක තිබේ.එහෙත් මෙලෙස කවදාක හෝ අපේ මනස ලෙඩ වේවි යැයි ඔබ කිසිදිනකත් නොසිතන කරුණකි .
අන්න ඒ හේතුව සැබවින්ම ගැටළුවකි. ඔබත් ඔබේ මනස නිරෝගිව තබන්නට කටයුතු කළ යුතුව ඇත.සතුට සැනසීම හිතට ළගා කරන දේ ඔබත් ළංකර ගත යුතුය.බොහෝ දෙනෙක් මෙම මානසික සෞඛ්‍ය ගැටළු ගැන හිතන්නේ නැත.ඒ නිසාවෙන්ම මෙලෙස ලෝකයේ පුද්ගලයාට මානසික නිරෝගීතාව ගැන සිතන්නට දිනයක් වෙන් කර තිබේ .ඉතිං අපි මෙතෙක් නොහිතපු මනසේ නිරෝගිභාවය හිතමු .එය දිනකට පමණක් සීමා නොකරමු.