සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක් - වහාම අමතන්න
ආපදා නිසා මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.
එබැවින් මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත් ඒ නිසා ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර අනතුරුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද එහිදී ඔහු සඳහන් කළා.
යමෙක් මෙම තත්ත්වය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා දැනුම් දෙයි.
එමෙන්ම වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ව්‍යසනය නිසා දරුවන් පීඩනයට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවයි.
උදාහරණයක් වශයෙන් හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම, යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම වැනි දේ කළ හැකි බව ද වෛද්‍යවරයා එහිදී පැවසුවා.
තවද ඔබ පීඩාවට පත්ව ඇත්නම් තරහා යෑම, නින්ද නොයෑම, ආහාර රුචියක් නොමැති වීම, තෙහෙට්ටුවක් දැනීම ආදී ලක්ෂණ ඇති විය හැකි බවද වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා කියා සිටියා.
ඊට අමතරව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ අපේ රට විවිධ අවස්ථාවල ස්වභාවික ව්‍යසන සහ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර ජනතාවගේ එකමුතු බව, ධෛර්යවන්තකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයන් හමුවේ රට ගොඩනැගීමට හැකි වූ බවයි.
''මෙවර ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල ව්‍යසනයක් සිදු වුණා. එවැනි ආපදා තත්ත්වයකින් පසුව මනසට මුලින්ම දැනෙන දේ තමයි අපිට ලොකු කරදරයක් වුණා කියලා දැඩිව ඇතිවන දුක් සහිත තත්ත්වය. එමෙන්ම හිස් බව, අදහගන්න බැරි තරම් ෂොක් එකක් කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැති තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. මේ ආපදා තත්ත්වය නිසා ඔබ හිංසනයට කරදරයට පත්වෙලා තිබෙනවා නම් ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැමෝම උදව් කරන්න පෙනී සිටිනවා. එම නිසා ඔබේ උත්සාහය, අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්න එපා. නිවස නැති වුණා නම් පවුලේ කෙනෙක් නැතිවුණා නම්.. ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා.''