දිට්වා නිසා ලංකාවට තවත් ව්‍යසනයක් - මේ වෙලාවේ කරන්න ඕන දේ දැනුම් දෙයි
දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් අනතුරුව පුද්ගලයන් හෘදයාබාධවලට ලක්වීම සියයට 40 කින් පමණ ඉහළ යා හැකි බව ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වී ඇති බව හෘද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ මෙවැනි හදිසි විපතකදී ගේදොර ඉඩ කඩම් හා සමීපතමයින් අහිමිවීම යන කරුණු මත යම් යම් අයගේ මානසික ආතතිය මත මෙලෙස හෘද රෝගවලට ගොදුරු විය හැකි බවයි.
එසේම මානසික ආතතිය, රුධිර පීඩනය වැඩිවීම, හෘද ස්පන්ධන වේගය ඉහළයාම ආදිය මෙම තත්ත්වයට බලපාන බවද එම වෛද්‍යවරයා සඳහන් කළා.
ඊට අමතරව රුධිර පීඩන පෙති, දියවැඩියා ඖෂධ, කොලෙස්ටරෝල් පෙති, ඇස්පිරින් සහ ක්ලොපිඩොග්‍රෙල්, වෝෆරින් ආදිය ගැනීමට නොහැකිවීම ආදී කාරණා ද මීට හේතුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.
එබැවින් මෙවැනි මොහොතක මානසික ශක්තිය ඇති කරගෙන යහපත් නින්දක් ලබා ගැනීම කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ දැනුම් දෙයි.
ඒ අනුව සිරුරට යම් කිසි අපහසුවක් හෝ හදවත් රෝගී තත්ත්වයක් මතු වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවත් වැදගත්ම දේ වන්නේ මානසික ශක්තිය ඇති කරගෙන දැනට ලබාගන්නා ඖෂධ අමතක නොරක ලබාගැනීම බවත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට අවධාරණය කර ඇත.