මැදපෙරදිග ගිනි ගනී… බිටුමන් නැතිව ලංකාවේ පාරවල් හිරවෙයි - ජනපතිගෙන් අනාවරණයක්

Report

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මාර්ග ඉදිකිරීම් සඳහා අවශ්‍ය බිටුමන් ආනයනය කිරීමේදී මතුව ඇති දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් ප්‍රමාද වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී ඉරිදා (13) පැවති රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, කුඩා මාර්ග ඉදිකිරීම සඳහා රජය මුදල් වෙන් කර තිබුණද, බිටුමන් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බාධා මතුව ඇති බවයි.

“කුඩා මාර්ග ඉදිකිරීම සඳහා අපි මුදල් වෙන් කර තිබෙනවා. නමුත් කුඩා ගැටලුවක් මතු වී තිබෙනවා. මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් අප භාවිත කරන බිටුමන් වර්ගය එම කලාපයෙන් ලබාගැනීමට සිදුව තිබෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති සමාව යනු අපරාධකරුවන් මුදාහරින දේශපාලන පළිහක්ද?

ජනාධිපති සමාව යනු අපරාධකරුවන් මුදාහරින දේශපාලන පළිහක්ද?

ශ්‍රී ලංකාවේ දේශගුණික හා පාරිසරික තත්ත්වයන්ට විකල්ප බිටුමන් වර්ග ඇතැම්විට සුදුසු නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් අවශ්‍ය බිටුමන් මැදපෙරදිගින් ආනයනය කිරීමේදී දුෂ්කරතා මතුව ඇති බවත්, ඇතැම් අවස්ථාවල බිටුමන් නොමැතිවීම හේතුවෙන් ඇස්තමේන්තු සකස් කර තිබූ මාර්ග ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු පවා යම් කාලයකට ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපා ඇති ගැටලුවක් නොවන බව අවධාරණය කළ ජනාධිපති දිසානායක මහතා, මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මතුව ඇති ජාත්‍යන්තර සැපයුම් ගැටලුවක් ලෙස මෙය හැඳින්වීය.  

ලංකාවම කැළඹූ 'මිසිස් ශ්‍රී ලංකා' කිරුළ ගැලවීමේ නඩුවට අවසන් තීන්දුව මෙන්න

ලංකාවම කැළඹූ 'මිසිස් ශ්‍රී ලංකා' කිරුළ ගැලවීමේ නඩුවට අවසන් තීන්දුව මෙන්න

අධ්‍යාපනයේ විශාල වෙනසක්.. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් කර ගෙන නෑ.. - බරපතළ චෝදනාවක්

අධ්‍යාපනයේ විශාල වෙනසක්.. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් කර ගෙන නෑ.. - බරපතළ චෝදනාවක්