ලංකාවම කැළඹූ 'මිසිස් ශ්‍රී ලංකා' කිරුළ ගැලවීමේ නඩුවට අවසන් තීන්දුව මෙන්න

Report

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2021 ‘මිසිස් ශ්‍රී ලංකා’ (Mrs. Sri Lanka) තරගයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ ඇයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා විසින් මෙම නියෝගය  ලබා දී තිබේ  

මෙම    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, විත්තිකාරියන්ට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. මේ අතර, නඩුවේ විත්තිකාරියක වූ චූලා පද්මේන්ද්‍ර මියගොස් ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ මිල ගණන් වෙනස් වෙයි - ප්‍රධාන වාණිජ බැංකුවල අද ඩොලරයේ විනිමය අනුපාත මෙන්න

වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ මිල ගණන් වෙනස් වෙයි - ප්‍රධාන වාණිජ බැංකුවල අද ඩොලරයේ විනිමය අනුපාත මෙන්න