වඳින්න ගිය බෝ ගස හිසට කඩා වැටෙයි. - හාස්කමකින් මෙන් සිදු වූ දේ මෙන්න. - ජීවිත 5කට දෙවියෝ දුන් තීන්දුව. - (PHOTO)

Sri Lanka Police Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Jul 26, 2024 06:57 AM GMT
Wayomi

Wayomi

Report

මාවනැල්ල, හෙම්මාතගම, පෙතිගම්මාන, නාගින්දාරාම විහාරස්ථානයේ පෙරේදා (24) පස්වරුවේ බෝ ගස කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේ මළුවේ සිටි සැදැහැවතුන්ගෙන් කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා හෙම්මාතගම රජයේ රෝහල වෙත ඇතුළත් කළ බව හෙම්මාතගම පොලිසිය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.


ඒ, වස්සාන කාලය වෙනුවෙන් පැවැත්වෙන බෝධි පූජාවේ සමාරම්භක දිනය දවසේ බෝධි පූජාව පැවැත්වෙන අතරවාරයේදීයි.

ගස වැටෙන අවස්ථාවේ කුඩා දරුවන් සහ වැඩිහිටියන් බෝ මළුවේ බැම්ම අවට වාඩි වී සිට ඇති අතර ගස පාත් වී මළුව වටා ඇති බැම්මේ කොටසක එහි විශාල අතු වැදී තිබුණි.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?


එම අවස්ථාවේ එහි කුඩා අතු කිහිපයක් වැදීම නිසා මෙලෙස පස් දෙනෙකු රෝහල් ගත කර අතර මළුවේ සිටි අන් අයගෙන් කොටසක් බෝ ගසට යට වී තිබුණ ද කිසිදු හානියක් ඔවුන්ට සිදු වී නොමැත.

පාන් මිල අඩු කරයි . - නව මිල මෙන්න.

පාන් මිල අඩු කරයි . - නව මිල මෙන්න.


විහාරස්ථානයේ බොහෝ දෙනෙකු පැවැසුයේ හාස්කමකට මෙන් බොහෝ දෙනෙකුගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත බේරුණු බවයි.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ රෝහල්ගත කරන ලද කාන්තාවන්ට බරපතළ හානි සිදු වී නොමැති අතර ඔවුන් සියලු දෙනාට වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන් වන බවයි.

කෙසේ වෙතත් බෝ ගස කඩා වැටුණ ද මළුවේ පිහිටි චෛත්‍යයට හෝ චෛත්‍යය වටා තිබුණු මල් ආසනයට, බුදු පිළිමවලට ද බෝ ගස වැටීමෙන් හානියක් සිදු වී නොවීම හාස්කමක් වැනිය බවයි බොහෝදෙනා පවසන්නේ.

කැබිනට් අනුමැතිය ලැබුණු බැංකු පොලී සහනය ජනතාවට අහිමි වෙයි? - මහ බැංකු අධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්.

කැබිනට් අනුමැතිය ලැබුණු බැංකු පොලී සහනය ජනතාවට අහිමි වෙයි? - මහ බැංකු අධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්.


Gallery