දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය ගැන විශේෂ සාකච්ඡාවක්

Report

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” යන තේමාව යටතේ මාතර පුරවරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන ඇති අතර, එය මැයි 27 වනදා සිට ජූනි 01 වනදා දක්වා උත්සව මාලාවකින් සමන්විත වේ.

ඉන්දියාව ලොකු පිම්මක් පනියි - තවත් 'අග්නි' මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව ලොකු පිම්මක් පනියි - තවත් 'අග්නි' මිසයිලයක් අත්හදා බලයි

මෙම සුවිශේෂී ආගමික මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙවර වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජා යනුවෙන් කලාප දෙකකට බෙදා වෙන් කර ඇති අතර මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය ක්‍රියාත්මක වේ.

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

එහිදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ධර්ම දේශනා, ශීල සහ භාවනා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ආමිස පූජා කලාපය මාතර වෙරළ උද්‍යානය සහ නගරය ආශ්‍රිතව පැවැත්වෙන අතර එහිදී දැවැන්ත තොරණ, පහන් කූඩු තරග, භක්ති ගීත ප්‍රසංග සහ දකුණට ආවේණික රූකඩ සංදර්ශන නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවේ.

මෙවර වෙසක් මංගල්‍යයට නවමු අත්දැකීමක් එක් කරමින් AI හෙවත් කෘතිම බුද්ධිය තාක්ෂණය යොදාගනිමින් අහසේ මැවෙන බෞද්ධ සංකේත සංදර්ශන සහ නගරය පුරා ඩිජිටල් LED තිර මගින් ජාතක කථා ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබේ.

මාතර පුරවරය බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉතිහාසයේ පටන් ඉටුකළ මෙහෙවර ඇගයීම මෙම තේරීමට ප්‍රධාන හේතුව වී ඇති අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වෙන මෙම මහෝත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය ලොවට විදහා දක්වන ප්‍රබල අවස්ථාවක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.