ඉන්දියාව ලොකු පිම්මක් පනියි - තවත් 'අග්නි' මිසයිලයක් අත්හදා බලයි
විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති විවිධ ඉලක්ක වෙත එකවර පහර දීමේ හැකියාව ඇති 'මල්ටිපල් ඉන්ඩිපෙන්ඩන්ට්ලි ටාගටඩ් රී-එන්ට්‍රි විහිකල්' (MIRV) පද්ධතිය සහිත උසස් 'අග්නි' (Agni) මිසයිලය, ඉන්දියන් සාගර කලාපයේදී සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ (DRDO) නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ පසුගියදා සිදු කරන ලද මෙම සාර්ථක පරීක්ෂණ පියාසර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එම ආයතනයට, ඉන්දීය හමුදාවට සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයට සිය ප්‍රශංසාව පිරිනමා තිබෙන බවයි.
තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?
වර්ධනය වෙමින් පවතින තර්ජනයන්ට එරෙහිව රටේ ආරක්ෂක සූදානම සඳහා මෙය ඇදහිය නොහැකි හැකියාවක් එක් කරනු ඇතැයි ඔහු එහිදී පවසා ඇත. MIRV තාක්ෂණය සහිත උසස් අග්නි මිසයිලයේ සාර්ථක අත්හදා බැලීම ඔඩිෂා හි පිහිටි ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් දූපතේ සිට සිදු කළ බව සඳහන් වේ.
මෙම පද්ධති මගින් මිසයිලය අභ්‍යවකාශයට මුදාහැරීමේ සිට සියලුම යුධ හිස් ඉලක්ක කරා ළඟාවීම දක්වා සම්පූර්ණ ගමන් පථය නිරීක්ෂණය කර ඇති අතර පරීක්ෂණයේදී සියලුම මෙහෙයුම් අරමුණු ඉටු වූ බව පියාසර දත්ත මගින් තහවුරු වූ බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.