කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..

Galle Kandy Trincomalee Ranil Wickremesinghe Government Of Sri Lanka
By krishani Aug 21, 2024 11:02 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)


ඒ කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවය.

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..


තවද, බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් බවට පත්කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)

ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතුව, කටුගස්තොට වෙනකල් ගෙනියන්න. විශාල නාගරික ප්‍රදේශයක් හැටියට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. 4ක් හදලා තියෙනවා. කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය. මේ හතර තමා ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන විදියට දියුණු කරන්න තියෙන්නේ.

මෝදි එක්ක මම සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනය මණ්ඩපයක් ලංකාවේ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා, දැන් යෝජනා කරන්නේ ගලහා ආරම්භ කරන්න.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, සංස්කෘතික අංශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න.

මේ සැලසුම් තියෙන්නේ ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න.

පරණ තැපැල් කාර්යාලය සමගම ටාජ් හෝටලය ඇති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් තියෙනවා අපිට ඒ සඳහා සංචාරක හෝටල් විදියට යොදවන්නත් මහනුවර දකුණ ඩිපෝව ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


අපිට දැනට මහනුවර වෙළෙඳ පොළ අලුතින් සකස් කරන්නත්, නැසී ගිය කෙරිහිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත් මාළිගාවත් එකතු කරන්නත් සැලසුමක් තියෙනවා.."