මේක හිතාමතා කරපු එකක් නෙවෙයි බීලා පැද්දා කියන කතාවත් සම්පූර්ණ අසත්‍යයක් - රන්වලට මහින්දගෙන් චරිත සහතිකයක්
හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඊයේ සවස පදවාගෙන ගිය මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ පවුලේ තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා තහවුරු කර ඇත.
එහිදී අමාත්‍යවරයා එය හිතාමතා සිදුකළ ක්‍රියාවක් නොව අහම්බෙන් සිදු වූ 'ඇක්සිඩන්ට්' එකක් බවත්, තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ, මෙම අනතුරට ලක්වීම නිසා අශෝක රන්වල මහතා ද මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
එසේම අනතුරට පත් වූ පවුලේ සාමාජිකයන් වන දරුවා, දරුවාගේ මව සහ අනෙකුත් අයට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් ඇතුළු පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් මැදිහත් වෙමින් සොයා බලමින් සිටින බව ද ඔහු පැවසුවා.
එමෙන්ම මෙම හදිසි අනතුරට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට විධිමත් ලෙස උපදෙස් ලබා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඊට අමතරව ඔහු චෝදනා කර ඇත්තේ සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය හරහා මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදි සහ ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරමින් තිබෙන බවටයි. විශේෂයෙන්ම රන්වල මහතා මත්පැන් පානය කර රථය ධාවනය කළ බවට පැතිර යන වාර්තා "සම්පූර්ණ අසත්‍යයක්" බව ජයසිංහ මහතා අවධාරණය කර ඇත.
එසේම අවශ්‍ය නම් ඒ පිළිබඳ නීත්‍යානුකූලව සොයා බැලීමට පොලිසියට හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු "මේක හිතාමතා කරපු එකක් නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් අහම්බයක්," යනුවෙන් පැවසුවා.