ඕක එච්චර දෙයක් නෙවේ - හප්පපු කිරිසප්පයාගේ පියාට රන්වලගේ වෛද්‍ය පුතා කියපු කතාව [VIDEO]

Report

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් ඊයේ දින පැදවූ ජීප් රථය අනතුරට ලක්වූ අතර එම අනතුරෙන් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය මේ වන විට බරපතළ බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවටත් දරුවාගේ පියා සහ ඥාතීන් ප්‍රකාශ කරයි.

එසේම අනතුරෙන් තුවාල ලැබූ මාස හයේ දරුවාගේ හිසේ පිටුපස අඹ ගෙඩියක තරම් ලොකු ගෙඩියක් ඇති වී ඇති බව ද දරුවාගේ පියා පවසයි.

එමෙන්ම ඔහු සඳහන් කළේ දරුවා මේ වන විට අඬන බවත්, කිරි නොබොන බවත්, හිසේ ඇති වූ ඉදිමුම තවමත් බැස නැති බවත් ය.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

එසේම තම මවගේ කකුල සම්පූර්ණයෙන්ම ස්ථාන දෙකකින් කැඩී ඇති අතර, මව සහ බිරිද මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්ම සඳහා සූදානම් කර ඇති බවද ඔහු පවසයි.

මේ අතර දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මන්ත්‍රී අශෝක රන්වල මහතා තමා හමුවීමට පැමිණ "මගේ අතින් වරදක් වුණා, මට සමා වෙන්න" යනුවෙන් පැවසූ බවයි. තවද රන්වල මහතාගේ වෛද්‍ය පුතා විසින් "ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ" ‍යනුවෙන් පැවසූ බවත් එම ප්‍රකාශය හේතුවෙන් තමාට තවත් කෝපය වැඩි වූ බවත් ඔහු පැවසුවා.

මේ අතර ඔහු චෝදනා කරන්නේ අනතුර සිදුවී අද වනතුරුත් මන්ත්‍රීතුමා බීමතින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවයි.

රන්වල මහතා අනතුර සිදුවී පැය ගණනකට පසුව මධ්‍යම රාත්‍රී 12ට පමණ රෝහලට පැමිණ තිබෙන අතර, ඔහු රුධිර පීඩනය වැඩි වී ඇති බව පවසමින් රෝහල්ගත වී තිබෙනවා.

එසේම ඔහු රෝද පුටුවකින් රෝහල තුළට ගිය බව දරුවාගේ පියා දැක ඇති බව සඳහන්.

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

මේ අතර තුවාල ලැබූ දරුවාගේ මව සහ ආච්චි ජාතික රෝහලේදී ට්‍රොලි දෙකක සිටියදී, ඔවුන්ගේ ඥාතීන්ට ඇතුළට යාමට ඉඩ නොදුන් බව ද දරුවාගේ ඥාතීන් ප්‍රකාශ කරයි.

එසේ වුවත් මන්ත්‍රීවරයාගේ ආධාරකරැවන්ගේ වාහන කෙළින්ම රෝහල ඇතුළට ගෙන ගිය බවට ඔවුන් චෝදනා ක‍ර සිටියි.

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස් හය දෙනෙකු පැමිණි බවත්, ඔවුන් විසින් තමාට කතා කිරීම සඳහා නීතිඥවරයෙකුගේ සම්බන්ධීකරණ අංකයක් ලබා දුන් බවත් දරුවාගේ ඥාති සහෝදරියක් පැවසුවා.

කෙසේ වෙතත් තමන්ට රෝහල තුළට යාමට නොදුන් අවස්ථාවලදී පවා ඔවුන්ට පහසුවෙන් රෝහල තුළට ඇතුළු වීමට ඉඩ ලැබුණු බව පියා සහ ඥාතීන් සඳහන් කරයි.

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්