LGBTQ නිසා මහරගමදී මන්ත්‍රීවරු උණුසුම් වෙයි
මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් නගර සභාව ඉදිරිපිට අද (09) දින විරෝධතාවක නිරතව තිබෙනවා.
ඒ රජය ගෙන ඒමට නියමිත සමලිංගික නීතියට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධවයි.
එහිදී සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු තම විරෝධය පළ කර තිබෙනවා.
එමෙන්ම අඳාළ සටන් පුවරුවල ‘සමරිසි නීතිය අපිට එපා, ගුරුවරයා දංගෙට ගෝලයා අපායට සහ රට දිනවන එන්.පී.පී. වැඩපිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද?’ වැනි සටහන් අන්තර්ගත වී තිබීම දැක ගත හැකි වූ බව පවසයි.
පසුව එම මන්ත්‍රිවරුන් විරෝධතා පුවරු ද අතැතිවම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම වෙනුවෙන් සහභාගී වී තිබෙනවා.
ඒ අනුව වාර්තා වූයේ සර්ව ජන බලය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක් මෙම විරෝධතාවයට සහාය දැක්වූ බවයි.