අගවිනිසුරුට උසාවිය ඇතුලෙ සපත්තුවෙන් ගහලා - මෙන්න විස්තරය

Report

හින්දු දෙවියෙකු පිළිබඳව විනිසුරුවරයා කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයෙකු එරට අගවිනිසුරු බී.ආර්. ගවයි වෙත සපත්තුවකින් විසි කර තිබේ.

සඳුදා දිල්ලියේ අධිකරණ කටයුතු අතරතුර රාකේෂ් කිෂෝර් සිය ප්‍රහාරය එල්ල කළ අතර එය ඉන්දියාව පුරා බරපතල මහජන අපහාසයක් සහ ආරක්ෂක නීතී උල්ලංඝනයක් ලෙස සැලකේ. විනිසුරුවරයා වෙත සපත්තුවක් විසි කර ඇති බව අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් තිදෙනෙකු තහවුරු කළ අතර, එක් නීතිඥයෙකු පැවසුවේ එය "අගවිනිසුරුවරයාට සහ [තවත්] විනිසුරුවරයෙකුට එරෙහිව ඔවුන් පිටුපස වැටුණු බවයි.

කෙසේ වෙතත්, සපත්තුව විනිසුරු අසුන වෙත ළඟා වී තිබුණේ නැහැ. ආරක්ෂක නිලධාරීන් විසින් උසාවියෙන් ඉවතට ගෙන යන විට, "ඉන්දියාව සනාතන ධර්මයට [හින්දු ආගමට] අපහාස කිරීම ඉවසන්නේ නැත" යනුවෙන් කිෂෝර් මහතා පවසනු ඇසුණි. පසුව විනිසුරු කිසිදු බාධාවකින් තොරව කටයුතු ඉදිරියට ගෙන ගියා.

සතුට උතුරන සැප සම්පත් පහළ වෙන අද දවසේ මේ ලග්නවලට වාසි ගොඩක්

සතුට උතුරන සැප සම්පත් පහළ වෙන අද දවසේ මේ ලග්නවලට වාසි ගොඩක්

අගමැති මෝදි අගවිනිසුරුවරයාගේ මෙම සන්සුන්භාවය අගය කළ අතර, එය ඔහුගේ “යුක්තියේ වටිනාකම් සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආත්මය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීමක්” ලෙස ඉස්මතු කරන බව සඳහන් කළා. සිද්ධියෙන් පසු, දිල්ලි පොලිසිය කිෂෝර්ව ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පැය තුනක් රඳවා ගෙන සිටියා.

කෙසේ වෙතත්, අගවිනිසුරු ගවායිගේ උපදෙස් මතඔහුට එරෙහිව කිසිදු විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බැවින්, අවවාදයක් ලබා දී ඔහු නිදහස් කර තිබුණා.

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

ඔහුගේ සපත්තු ද ඔහුට ආපසු ලබා දුන් බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ. උසාවියේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය නීතිඥ කවුන්සිලයවිසින් වහාම පියවර ගත්තා.

ඔවුන් එදිනම රාකේෂ් කිෂෝර්ගේ නීතිඥ බලපත්‍රය වහාම අත්හිටුවීමට නියෝග කළ අතර, කවුන්සිලය ප්‍රකාශ කළේ ඔහුගේ ක්‍රියාවන්උසාවියේ ගෞරවයට නොගැලපෙනබවයි. මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය සහ පසුව අග්‍රාමාත්‍යවරයාගේ සහ නීතිඥ කවුන්සිලයේ ප්‍රතිචාර, එවැනි ක්‍රියාවන් දෙස බලන බැරෑරුම්කම ඉස්මතු කරනවා.

හුංගම ද්විත්ව ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි - කාන්තා මැරිලා තියෙන්නේ වැරදීමෙන්

හුංගම ද්විත්ව ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි - කාන්තා මැරිලා තියෙන්නේ වැරදීමෙන්