නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් - ඉරානයෙන් රතු එළියක්

Report

ඇමරිකානු සම්බාධක හමුවේ බිඳ වැටී ඇති ජාතික ආර්ථිකය ගොඩනැගීමේ පියවරක් ලෙස ඉරාන රජය නැවත වරක් ඉන්ධන මිල ඉහළ නැංවීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව විසින් ඉරාන වරායන් වටලෑම සහ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මිලියන 93 ක් වන ජනගහනයකට සහනදායී මිලට ඉන්ධන ලබාදීම රජයට දැරිය නොහැකි බරක් වී ඇති බව වාර්තා වේ.

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කරන්නේ 2026 වසරේදී ඉරානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 5.4 කින් සංකෝචනය වන බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ "දරුණුතම ආර්ථික මෙහෙයුම" දියත් කරන බවට තර්ජනය කිරීමත් සමඟ ඉරාන රියාල් මුදලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මිලියන 2 දක්වා පහත වැටෙමින් ඉතිහාසයේ අවම අගය වාර්තා කර ඇත.

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

පෙරපාසල් දරුවගේ ඇඳුම ගලවලා ගහලා - බයට හෘදයාබාධයෙන් දරුවා මියගිහින් - CCTV නිසා ගුරිවරිය අතටම මාට්ටු

තෙල් සම්පතින් පොහොසත් ඉරානය තුළ මීට පෙරද ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් 2019 වසරේදී මෙන්ම 2026 ජනවාරි මාසයේදීද දැවැන්ත රටපුරා විරෝධතා හට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම නිසා මෙවර මිල ඉහළ නැංවීමේ අවසන් තීරණය ඉදිරි සති කිහිපය තුළ ගැනීමට නියමිත අතර පාලකයින් ඒ පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරමින් සිටින බවයි