මාස 18ක සිරදඬුවම් විඳිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්
පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සහ මරණ තර්ජනය කිරීමේ චෝදනාවලට වරදකරු වී මාස 18 ක සිරදඬුවමක් විඳිමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම ඇප නියෝගය ලබාදී ඇත.
සුරේෂ් සලේගේ වයෝවෘද්ධ මවගෙන් ජනාධිපති අනුරට සංවේදී ලිපියක් - "පුතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ කරන්න එපා"
කෙසේවෙතත්, ඇප මත නිදහස් කරනු ලැබුවද අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ඔහුට එරෙහිව විදේශගමන් තහනමක් ද පැනවීමට අධිකරණය පියවර ගෙන තිබේ.