කථානායක ඉල්ලා අස් වෙනවා කීවට.. එහෙම පුලුවන් ද?. ජනාධිපති එය පිළිගෙන ද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Anura Kumara Dissanayaka Latest Headlines National People's Power - NPP
By krishani Dec 13, 2024 02:39 PM GMT
krishani

krishani

Report

කතානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම්‍ ස්වකීය අත්සන යටතේ වූ ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු වන බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකගේ පුටුවෙන් ඉඳගත්ත මන්ත්‍රී අර්චුනා.. ආයෙත් කරළියට.. මෙදා සැරේ කරලා තියෙන දෙය මෙන්න..(VIDEO)

විපක්ෂ නායකගේ පුටුවෙන් ඉඳගත්ත මන්ත්‍රී අර්චුනා.. ආයෙත් කරළියට.. මෙදා සැරේ කරලා තියෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එකී ලිපිය පිළිගන්නේ නම්‍ ඒ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත දැනුම් දිය යුතු වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(3) ව්‍යවස්ථාව අනුව කතානායක පදවිය හිස් වූ පසුව පළමු වරට පවත්වනු ලබන රැස්වීමේ දී පාර්ලිමේන්තුව විසින් එසේ හිස් වූ පදවියට වෙනත් මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගත යුතු බව නියෝජ්‍ය මහලේකම්වරයා සදහන් කළේ ය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 4 අනුව අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි ගණනක් සඳහා නාම යෝජනා ඉදිරිපත් වී ඇති අවස්ථාවක දී රහස් ඡන්දයෙන් කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට කරයි.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

ඒ, අනුව මෙතෙක් සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණක් බවත් ජනාධිපතිවරයා වෙත එවන් ලිපියක් ලැබී ඇද්දැයි මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළේ ය.

You May Like This Video👇 

.

ReeCha