සුවහසක් රසිකයින් ආදරයෙන් වැළඳගත්, ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකාවක් රිය අනතුරකින් ජිවිතක්ෂයට.. (PHOTOS)
By krishani
ඩික්සි චික්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වන ලෝරා ලින්ච් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.
ඒ ටෙක්සාස් හී දී රිය අනතුරකින් ය.
65 හැවිරිදි ඇය පසුගිය සිකුරාදා, සාජන්ට්, එල් පැසෝ හී නොබෙදුණු අධිවේගී මාර්ගයක ගමන් කර තිබෙනවා.
එහිදී තවත් මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඇත.
ඒ හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
මෙම අනතුරෙන් මිය ගිය ලෝරා ලින්ච්ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් කම්පාවන බව සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉන්ස්ටා සටහනක් ද එක් කර තිබිණ.
කෙසේ වෙතත්, අනතුරට පත් අනෙක් මෝටර් රථයේ රියදුරුට ජීවිත තර්ජනයක් සිදුව නොමැත.