තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Report

තලෙයිමන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් අද (01) අලුයම නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.

තලෙයිමන්නාරමට උතුරින් පිහිටි මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඉන්දීය ධීවර යාත්‍රා රාශියක් මසුන් ඇල්ලීමේ නිරත වන බව උතුරු මැද නාවික විධානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මන්දගාමී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට 5%ක දඩයක්

මන්දගාමී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට 5%ක දඩයක්