ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.
සාමාන්‍ය පෙල උත්තර පත්‍ර සමීක්‍ෂණ කළ ගුරුවරුන්ට තවමත් ඊට දීමනා ගෙවා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිනි කවිරත්න පවසනවා.
ඇය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)
අ.පො.ස. (ස.පෙ.) විභාගයේ රාජකාරි කටයුතු සිදු කළ ගුරුවරුන් සහ අධ්‍යාපන කාර්ය මණ්ලයට උත්තර පත්‍ර බැලීමේ දීමනාව මේ දක්වාම ගෙවා නැත. මේ වන විට දරුවන්ගේ විභාග ප්‍රතිඑල නිකුත් කර අවසන් වී ඇත. විභාගය පෙනී සිටි දරුවන් ගෙන් කොටසක් මේ වන විට උසස් පෙළ පන්ති, පුද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ අධ්‍යාපනයට යොමුවී ද අවසන් ය.
විභාගය සාර්ථක කර ගන්නට වෙහෙසවුනු, උත්තර පත්‍ර බලන්න කාලය, ශ්‍රමය වැයකල ගුරුවරුන්ට ගෙවන සොච්චම් දීමනාවත් ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වී ඇත.
හැකි ඉක්මනින් ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩල, සහායක සේවාවන්ට හිමි විය යුතු ගෙවීම් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විභාග දෙපාර්තමේන්තුවටත් බල කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාගයන්හි උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් වූ වහාම සමාන්‍යයෙන් ගුරුවරුන්ට, විභාග පරීක්ෂකවරුන්ට ගෙවිය යුතු දීමනාව ගෙවනු ලැබේ.
පසුගිය විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබඳත්, ගුරුවරුන්ට සිදු කරනු ලැබූ දීමනාව පිළිබඳවත් තෘප්තියක් රාජ්‍ය සේවයේ නැත. එසේ තිබියදී, ලැබිය යුතු මුදල් තවමත් නොගෙවීම බලවත් අකටයුත්තකි. දරුවන්ට අගතියක් සිදු නොවීම සඳහා, නිසි පරිදි උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වූ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියළු අධ්‍යාපන වෘත්තිකයින් ට වහා ගෙවීම් සිදු කළ යුතුය.