නිවස ඉදිරිපිට පොකුණට වැටී අවුරුද්දයි මාස 4ක දැරියක් මරුට

Report

උඩප්පුව, කොත්තන්තිව් ප්‍රදේශයේදී නිවස ඉදිරිපිට තිබූ කුඩා පොකුණකට වැටී සිදුවූ අනතුරකින් වයස අවුරුද්දයි මාස හතරක කුඩා දැරියක ඊයේ (31) උදෑසන අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවීමෙන් පසු දැරිය වහාම කොත්තන්තිව් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පෙරියපාඩුව, කොත්තන්තිව් ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියකි. මියගිය දැරියගේ මෘත ශරීරය මේ වන විට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අලුත් මාසේ ආරම්භයත් සමඟ ඔබේ ජීවිතයම උඩුයටිකුරු කරන අද දින ප්‍රබල ලග්න පලාපල

අලුත් මාසේ ආරම්භයත් සමඟ ඔබේ ජීවිතයම උඩුයටිකුරු කරන අද දින ප්‍රබල ලග්න පලාපල