කන්ටේනර් 323 සිද්ධිය ගැන ඇමති හර්ෂනගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අදාළ වාර්තාව සකස් කිරීමේ අවසන් අදියර මේ වන විට සිදුවෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්යවරයා, එකී වාර්තාව අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන ප්රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්ය බව ද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්යවරයා සඳහන් කළේ කථානායකවරයා විසින් පත් කළ මෙම කමිටුව හරහා සාක්ෂිකරුවන් 16 දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවා ඇති අතර, ඊට අදාළ සියලුම ලේඛන පාර්ලිමේන්තුවේ සුරක්ෂිතව වාර්තාගත වී ඇති බවයි.
අසත්ය හා විකෘති තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස ද හෙතෙම මෙහිදී ඉල්ලා සිටියේය.