අයහපත් කාලගුණයෙන් දිස්ත්රික්ක 19කට බලපෑම් - මරණ 06ක්, පුද්ගලයින් 3ක් අතුරුදන්
පසුගිය ඔක්තෝබර් 23 වැනි දින සිට අද (01) දින දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්රික්ක 19ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 137කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිවේදනය කරයි.
එම ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 06ක් සහ තුවාල ලැබූවන් 08 දෙනෙකු වාර්තා වී ඇති අතර, පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.
මීට අමතරව පූර්ණ නිවාස හානි 08ක් සහ අර්ධ නිවාස හානි 737ක් ද වාර්තා වී ඇත. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්රික්කයට වන අතර, එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පවුල් 2,666කට අයත් පුද්ගලයින් 10,051 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
දෙවැනියට වැඩිම බලපෑමක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්රික්කයෙන් වන අතර, එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 1,850කට අයත් පුද්ගලයින් 6,900 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.