මේ අභ්යාසලාභීන් 2,820 දෙනෙකුට රජයේ පත්වීම්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින හෙද විදුහල්වලින් ත්රිවාර්ෂික උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්ය හෙද කණ්ඩායමේ අභ්යාසලාභීන් 2,820 දෙනෙකු තුන්වන ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස සෞඛ්ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
මෙම පත්වීම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතය.
2019 සහ 2020 අ.පො.ස. උසස් පෙළ විද්යා හා ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට 2023 වසරේ අගෝස්තු මාසයේදී දිවයින පුරා හෙද විදුහල් 15ට ඇතුළත් වූ මෙම කණ්ඩායම තම පාඨමාලාව සාර්ථකව නිමකර ඇත.
මෙම නව හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්යම රජයේ සහ පළාත් සභා රෝහල් වෙත අනුයුක්ත කිරීමට නියමිත අතර, එමඟින් රෝහල් පද්ධතියේ හෙද සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීමට දායකත්වය ලැබෙනු ඇත.
ඊට සමගාමීව, රෝහල් සේවයේ නිරත පළමු ශ්රේණියේ හෙද නිලධාරීන් 76 දෙනෙකු විශේෂ ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස උසස් කිරීමේ ලිපි ප්රදානය ද මෙහිදී සිදුකෙරේ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරුන් වන වෛද්ය හංසක විජේමුණි, ආචාර්ය කෞෂල්යා ආරියරත්න, අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිතය.