මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)
රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදී තිබූ වාහනය විශාල වශයෙන් අබලන් වූ වාහනයක් බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසනවා.
එමෙන්ම තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී විවිධ ආකාරයේ බාධා කිරීම සිදුවූ බවත්,තමන්ට ලබා දුන් වාහන පවා නිතර මඟ කැඩෙන ඒවා බවත් ඇතැම් වාහන පාර දිගේ තෙල් හැලුන ඒවා බවත් තිරිංග පද්ධතියට අක්‍රීය වී තිබූ ඒවා බවත් ඇය සඳහන් කරනවා.
ඇය චෝදනා කරන්නේ, එම වාහන බාරදුන් පසු අදාළ නිලධාරීන් ගරාජ්වල ඒවා නවත්වා කෝටි ගණන් මුදල් වංචා කළ බවයි.
මේ අතර රුපියල් දස දහසක වියදමින් හදා ගැනීමට තිබූ වාහනයට දස ලක්ෂයක බිල් දමා තිබූ අවස්ථාද තමන්ට සාක්ෂි ඇති බව්ටැහැ ඇය කියා සිටියා.
කෙසේ නමුත් තමන් ජනාධිපති උපදේශකාවක් ලෙස කටයුතු නොකළ බවත් අදාළ වාහනය ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරය දරද්දී අමාත්‍යංශයෙන් වාහනයක් ලබා නොදීම නිසා බවත් ඇය වැඩිදුරටත් පවසනවා.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,